තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා. නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින් Sun Pictures යටතේ..
ගෞතම් වාසුදෙව් මෙනන් යනු ඉන්දීය දමිළ සිනමාව දෙස බැලු විට අමතක කරන්නට බැරි දක්ශ අධ්‍යක්ෂක වරයෙක්. අද ඔහුගේ උපන්දිනයය. ඉතින් අපි ගෞතම් වාසුදෙව් මෙනන් එහෙම නැත්නම් GVM ගේ ශ්‍රී ලාංකීය රසිකයෙක් ලියූ එ සටහනයි ඔබට අරගෙන ආවෙ. මේ සටහන ඉසුරු රංගන ගෙනි. අපි එහෙනම් ගෞතම් වාසුදෙව් මෙනන් ගැන ඔහුගෙ සටහනෙන්ම ඉගෙනගමු.. සුභ උපන්දිනයක් ගෞතම් වාසුදේව් මෙනන් !! තමන්ගේ හීනය අත්පත්කරගත් ජයග්‍රාහකයෙක් !! කොලිවුඩ් සිනමාව තුල තමන්ටම ආවේනික වුනු අනන්‍යතාවයක් ගොඩනගාගත් විශිෂ්ඨයෙක්. !! තම වෘත්තීය ජීවිතය තුල සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් විදගනිමින් අවුරුදු 20 ක කඩඉම වෙත ලංව තවමත් කොලිවුඩ් arena එක තුල සටන් වදින සටන්කාමීයෙක් GVM නැත්තං ගෞතම් වාසුදේව් මෙනන් ඉන්දියානු කොලිවුඩ් සිනමාව තුල සිටින පුද්ගලිකව මගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයා . ඊට හේතුව අප කුඩා කල දෙමළ චිත්‍රපට පිළිබඳව බොහෝ දෙනා අතර තිබුණේ විවේචනාත්මක ආකල්පයක් . ඊට හේතුව ඉහවහා යන මසාලා ආකෘතිය සහ සීමාව ඉක්මවා යන අතාත්ත්විකත්වය. මොහුට කලින් 80, 90 දශක වලදී තවත් විශිෂ්ඨ සිනමාකරුවෙක් වන මනි රත්නම් විසින් එම අතාත්ත්විකත්වය බිදවැට්ටවූ සිනමා නිර්මාණ ඉදිරිපත් කලද...