“මං කැමති කෙනා ලග ඉද්දි ඒක කොහොමද දුකක් වෙන්නේ ”
පුංචි තිරයේ රසික හදවත් දිනා ගත් අයාල්,යායා 4 ,පියවි වැනි නිර්මාණ අධ්‍යක්ෂණය කරනු ලැබු chamara janaraj peris මහතාගේ කුලුදුල් සිනමා අධ්‍යක්ෂණය සනිටුහන් කරමින් “උතුරු සුළග -winds of change “සිනමාපටය මාර්තු 5 වනදා සිට තිරගත වනු ලැබේ.
දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට පියාඹමින් සිටින අද දිනයේ, ලංකාවේ උතුරු පෙදෙසේ පෙර මායිම් ගමක්ව තිබු ලස්සන ගැමි පරිසරයක මෙම වෘතාන්තය දිග හැරේ. යුද්ධයේ සෙවනැලි ජීවිත තුල ඉතුරි කර ගිය අඳුර පිලිබඳ මතකයන් සමග ජීවත් වන සුනිමල්, ආගන්තුක පරිසරයක යලි ජීවිතය ගොඩ නගාගැනීමට දරන උත්සාහයත්, ගමේ නායකයා වන රාලහාමි මාමාගේ දුව යශෝධරා ගැන ඇතිවන ආදර හැඟීම සඟවා ගැනීමට නැවතත් සටනේ යෙදෙන සුනිමල් ගැනත් උතුරු සුළඟ කතා කරයි.
ඔහුගේ මෙම සියලු උත්සාහයන් දෙදරා යන විට ජීවිතය යලි පණගන්වන්නට ඔහුට පිහිට වන්නේ ඔහුගේ වර්තමානයයි.
පොස්ටර් නිර්මාණයෙන් ප්‍රදීප් ප්‍රේමලාල් මහතා විසින් සිදු කරනු ලැබේ.
මෙහි රංගනයෙන් එරන්ග ජිවන්ත,කාවින්ද්‍යා දුල්ශානි,ශ්‍රියන්ත මෙන්ඩිස්,දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි,කසුනි කාවින්ද්‍යා,ලක්ශිත ප්‍රභාත් පතිරාජ,සුලක්ඛනා හේරත් යන නළු නිලි කැල දායක වනු ලැබේ.
මෙමෙ චිත්‍රපටයේ එන ගිතයක් දැනටමත් youtube හරහා නැරඹීමට හැකායාව ඇති අතර එහි ගායනයෙන් දුමාල් වර්ණකුලසූරිය සහ උරේශා රවිහාරිදායක වන අතර සංගිතය උදාර ජයකොඩි විසින්ද පද රචනය තුශානි බලුමුල්ලේ විසින්ද සිදු කර ඇත.
එසේනම් මාර්තු 5 වනදා උතුරු සුළගේ හමන ආදරය බෙදාගන්න සිනමා ශාලා තුලට පැමිණෙන්න කියා ආරාධනා කරනවා!.
චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය සහ චිත්‍රපටයේ නිකුත් වූ ගීතය පහතින් නරඹන්න.