තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා. නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින් Sun Pictures යටතේ..
දක්ශ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක අනූභව් සින්හා මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ මීළග චිත්‍රපටය වන " Anek " චිත්‍රපටය නිවේදනය කලේ ය. ඒ ආයුශ්මාන් කුරානාගේ ප්‍රධාන රංගනය සහිතව ය. අනූභව් අධ්‍යක්ෂණය කල ආර්ටිකල් 15 චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ ආයුශ්මන් කුරානා වූ අතර චිත්‍රපටය ඉතාමත් සාර්ථක වුණි. ආයුශ්මන් සහ අනුභව් ගේ මෙම නව චිත්‍රපටය පිළිබදව දැනට වාර්තා වන පුවත් ඉතා බලාපොරොත්තු තැබිය හැකි පුවත් වේ. මෙම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රසිද්ධ සටන් අධ්‍යක්ෂක රියන් රිච්ටර් විසිනි ඔහු මෙම සටන් ජවනිකාවන්හි ස්වාභික තත්වයට ප්‍රේක්ශකයාට ගෙන එන සටන් අධ්‍යක්ෂක වරයෙන් ලෙස ප්‍රසිද්ධය. Shahrukh Khan රංගනයෙන් දායක වූ Don 2 චිත්‍රපටය, Ryan Reynold සහ Samuel L. Jackson රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන The Hitman's Bodyguard ද අජේ දේව්ගන් ගේ Shivaay යන චිත්‍රපටයන් හි සටන් අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ ස්ටෙෆන් නම් මෙම සටන් අධ්‍යක්ෂකවරයා විසිනි. ඉදිරියේදී පැමිණීමට නියමිත සල්මාන් ඛාන්ගෙ Kick 2 චිත්‍රපටයේ ද සටන් අධ්‍යක්ෂණය කර...