Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

කන්ද උඩරටින් මියුරු හඬ නඟනා ගීත කෝකිලාවිය - "අනුත්තරා රත්නායක "



      කන්ද උඩරට පුරවරයෙන් පෑයු තවත් එක් දක්ෂ තාරකාවියක් තමයි හංසනී අනුත්තරා රත්නායක කියන්නෙ. තවමත් වයස 24 ක තරුණියක් වුවද ඇයගේ පවතින දක්ෂතා නම් කුඩා නැත. මහනුවර ගෝතමි විද්‍යාලයෙන් මෙන්න පුෂ්පදාන බාලිකාවෙන් සිය අධ්‍යාපනය හැදෑරූ ඇය මේ වන විට Central Institute Of Hindi Agra , Kendriya Hindi Sansthan  සහ University Of Visual & Performing Arts විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය හදාරනවා. එමෙන්ම හින්දි භාෂා ගුරුවරියක් ලෙස වර්ථමානයේ සේවය කරන ඇය , හඬ කැවීම් ශිල්පිනියක් ලෙසද විවිධ නිර්මාණ සඳහා සහභාගී වී ඇත.


      එමෙන්ම ඇයගේ විශේෂතම දක්ෂතාවය වන සංගීත හැකියාව උපතින්ම රැගෙන ආ හැකියාවක් බවට සාක්ෂි සපයමින් ඇයගෙ විවිධ නිර්මාණ අප සියළු දෙනාට දැකිය හැක. ඒ අනුව පසුගියදා ඇයගේ කුළුදුල් සංගීත නිර්මාණය වන " ආදරිය වෙන්නම්" ගීතය එළි දක්වනු ලැබුවා. අනාගතයේදී ශ්‍රී ලාංකීය මෙන්ම හින්දි සිනමාවෙහි පසුබිම් ගායිකාවක් වීමට හීන දකින මෙම තාරකාවියට The Cinemates අප විසින් සුභ ප්‍රාර්ථනා එක් කරන්නමු.


මේ පහතින් දැක්වෙන්නෙ ඇයගේ කුළුදුල් නිර්මාණය ය.

ඔබටත් මෙය නරඹා ඇය හට සහයෝගය ලබා දෙන මෙන් අප ආරාධනා කරන්නෙමු.මෙලෙස අනාගත සිනමාවට පැමිණීමට අපේක්ෂා කරන දක්ෂයන් හට හැකි අයුරින් සහයෝගය දීම The Cinemats අපගේ ප්‍රධානතම අරමුණකි. 

ජය වේවා.!!!


ආදරිය වෙන්නම් ගීතය වෙනුවෙන් කැපවූ පිරිස.

Artist - Anuththara Rathnayake 

Lyrics - Anuththara Rathnayake 

Melody - Geesara Wijekoon 

Music Arrangements - Kalum Sapumal Herath 

Guitar -Kalum Sapumal Herath

Keys - Sachithra Wickramasinghe 

Mixing ,Mastering and Video Credits - Isuru Withanage


The Cinemates 




Popular posts from this blog

Ryan Reynold ගෙ සහ Shahrukh Khan ගේ සටන් අධ්‍යක්ෂකවරයා ආයුශ්මන් ගේ Anek වෙත !

දක්ශ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක අනූභව් සින්හා මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ මීළග චිත්‍රපටය වන " Anek " චිත්‍රපටය නිවේදනය කලේ ය.  ඒ ආයුශ්මාන් කුරානාගේ ප්‍රධාන රංගනය සහිතව ය. අනූභව් අධ්‍යක්ෂණය කල ආර්ටිකල් 15 චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ ආයුශ්මන් කුරානා වූ අතර චිත්‍රපටය ඉතාමත් සාර්ථක වුණි. ආයුශ්මන් සහ අනුභව් ගේ මෙම නව චිත්‍රපටය පිළිබදව දැනට වාර්තා වන පුවත් ඉතා බලාපොරොත්තු තැබිය හැකි පුවත් වේ. මෙම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රසිද්ධ සටන් අධ්‍යක්ෂක රියන් රිච්ටර් විසිනි  ඔහු මෙම සටන් ජවනිකාවන්හි ස්වාභික තත්වයට ප්‍රේක්ශකයාට ගෙන එන සටන් අධ්‍යක්ෂක වරයෙන් ලෙස ප්‍රසිද්ධය. Shahrukh Khan රංගනයෙන් දායක වූ Don 2 චිත්‍රපටය, Ryan Reynold සහ Samuel L. Jackson රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන The Hitman's Bodyguard ද අජේ දේව්ගන් ගේ Shivaay යන චිත්‍රපටයන් හි සටන් අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ ස්ටෙෆන් නම් මෙම සටන් අධ්‍යක්ෂකවරයා විසිනි. ඉදිරියේදී පැමිණීමට නියමිත සල්මාන් ඛාන්ගෙ Kick 2 චිත්‍රපටයේ ද සටන් අධ්‍යක්ෂණය කර...

Ceyflix වෙතින් එන ජෝ ගේ අලුත් වැඩෙ "COM"

Ceyflix හරහා නිකුත් වීමට නියමිත COM කතා මාලාවේ ට්‍රේලරය දැනට දින කීපයකට පෙර අන්තර්ජාලයට මුදා හැරුනා. ජෝ දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම කතා මාලාවෙහි තිර රචනය රයන් ලෝරන්ස් විසින් සිදුකරනු ලබනවා . මෙවැනි වෙනස් වූ තිර රචනාවන් ලාංකීය කලාවට ගෙන ඒම පිලිබඳව එම නිර්මාණකරුවන්ට ප්‍රථමයෙන් ස්තූති වන්ත විය යුතුය .                                          ජෝ දිසානායක ( අධ්‍යක්ෂක )  මෙහි කැමරාකරණය ජෝ දිසානායක හා එරංග ගුණසිංහ විසින් සිදුකරන අතර සහය අධ්‍යක්ෂණය ඩෙනිස් ප්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම මෙහි කැමරා දර්ශන ඉතාමත් ඉහල මට්ටමක පැවතීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය . සංස්කරණය හා වර්ණ හැඩගැන්වීම කසුන් කාවිංග විසින් සිදුකර ඇති අතර ට්‍රේලරය පුරාවට වර්ණ ගැන්වීම ඉතා හොඳ මට්ටමක පැවතීම විශේෂත්වයකි . පූර්ව  ප්‍රචාරක පටය පුරාවට දිවෙන සංගීත කාණ්ඩ සිත් ඇදගන්නා සුලු මෙන්ම , එය නිර්මාණයෙහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. මෙම නිර්මාණයෙහි මේ වන වි...