Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

ධනුශ්ගෙ Jagame නිසා Navarasa කල් යයි ද?

පසුගිය දින වල ලැබුනු ඉන්දීය මාධ්‍ය තොරතුරු අනුව Netflix යටතේ නිශ්පාදනය වන අධ්‍යක්ෂකවරු 9 දෙනෙකුගෙ කෙටිකතා නවයකින් නිර්මාණය වන " Navarasa " ඇන්තොලොජි චිත්‍රපටය මෙම වසරේ අග භාගයේ දී නිකුත් කරන බව ගිය වසරේ දි මෙය නිර්මාණය කරන බවට දුන් නිවේදනයත් සමග අපට දැනගන්නට හැකි වුණි.

නමුත් දැන් වාර්තා වන තත්වය, කොලිවුඩ් නළු දනුශ්ගෙ Jagame Thandhiram දමිළ චිත්‍රපටය ද Netflix හරහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එහි ප්‍රචාරක කටයුතු සදහා හොද ඉඩ කාල පරාසයක් අවශ්‍ය වන නිසා මෙම නවරස ඇන්තොලොජි චිත්‍රපටය තවත් ටික දිනකට කල් යනු ඇති..

දනුශ්ගෙ Karnan චිත්‍රපටය ද අප්‍රේල් මස 9 වන දා සිට සිනමාශාලා හරහා තිරගත නිසාවෙන් මෙම Jagame චිත්‍රපටය Netflix  හරහා නිකුත් කිරීමට ඉඩ ඇත.
බොහො විට සිනමාශාලා වලද තිරගත වීමට ඉඩ ඇත. නමුත් Karnan සමග එකට ගැටුනහොත් චිත්‍රපට දෙකටම වන්නෙ අවාසියකි.

එබැවින් Jagame  හි නිශ්පාදකයින් බොහො විට මෙය Netflix  සමාගමට විකිණීමට ඉඩ ඇත.
නවරස ඇන්තොලොජි චිත්‍රපටය සදහා  ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක මනී රත්නම් සහ ජයෙන්ද්‍ර පන්චපකෙස්න් ද නිශ්පාදන කටයුතු වලට සම්බන්ද වී ඇත.

ගෞතම් වාසුදේව් මෙනන්, කේ.වී. ආනන්ද්, කාර්තික් සුබ්බරාජ්, බිජෝයි නම්බියර්, හලිතා ශමීම්,පොන්රම්,කාර්තික් නරේන්, රතීනද්‍රන් ප්‍රසාද් සහ අරවින්ද්ස්වාමී මෙහි අධ්‍යක්ෂකවරුන් 9 දෙනා වේ.

රේවතී, පාර්වතී තිරුවෝතු,විජේ සේතුපති අරවින්ද් ස්වාමි,සූරියා,සිද්දාර්ත්, 
නිත්‍යා මෙනන් සහ ප්‍රකාශ් රාජ් ඇතුළු දැවැන්ත රංගන ශිල්පීන් රැසක් ද මෙයට රංගනයෙන් දායක වි ඇත.

The Cinemates 




Popular posts from this blog

Ryan Reynold ගෙ සහ Shahrukh Khan ගේ සටන් අධ්‍යක්ෂකවරයා ආයුශ්මන් ගේ Anek වෙත !

දක්ශ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක අනූභව් සින්හා මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ මීළග චිත්‍රපටය වන " Anek " චිත්‍රපටය නිවේදනය කලේ ය.  ඒ ආයුශ්මාන් කුරානාගේ ප්‍රධාන රංගනය සහිතව ය. අනූභව් අධ්‍යක්ෂණය කල ආර්ටිකල් 15 චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ ආයුශ්මන් කුරානා වූ අතර චිත්‍රපටය ඉතාමත් සාර්ථක වුණි. ආයුශ්මන් සහ අනුභව් ගේ මෙම නව චිත්‍රපටය පිළිබදව දැනට වාර්තා වන පුවත් ඉතා බලාපොරොත්තු තැබිය හැකි පුවත් වේ. මෙම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රසිද්ධ සටන් අධ්‍යක්ෂක රියන් රිච්ටර් විසිනි  ඔහු මෙම සටන් ජවනිකාවන්හි ස්වාභික තත්වයට ප්‍රේක්ශකයාට ගෙන එන සටන් අධ්‍යක්ෂක වරයෙන් ලෙස ප්‍රසිද්ධය. Shahrukh Khan රංගනයෙන් දායක වූ Don 2 චිත්‍රපටය, Ryan Reynold සහ Samuel L. Jackson රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන The Hitman's Bodyguard ද අජේ දේව්ගන් ගේ Shivaay යන චිත්‍රපටයන් හි සටන් අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ ස්ටෙෆන් නම් මෙම සටන් අධ්‍යක්ෂකවරයා විසිනි. ඉදිරියේදී පැමිණීමට නියමිත සල්මාන් ඛාන්ගෙ Kick 2 චිත්‍රපටයේ ද සටන් අධ්‍යක්ෂණය කර...

Ceyflix වෙතින් එන ජෝ ගේ අලුත් වැඩෙ "COM"

Ceyflix හරහා නිකුත් වීමට නියමිත COM කතා මාලාවේ ට්‍රේලරය දැනට දින කීපයකට පෙර අන්තර්ජාලයට මුදා හැරුනා. ජෝ දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම කතා මාලාවෙහි තිර රචනය රයන් ලෝරන්ස් විසින් සිදුකරනු ලබනවා . මෙවැනි වෙනස් වූ තිර රචනාවන් ලාංකීය කලාවට ගෙන ඒම පිලිබඳව එම නිර්මාණකරුවන්ට ප්‍රථමයෙන් ස්තූති වන්ත විය යුතුය .                                          ජෝ දිසානායක ( අධ්‍යක්ෂක )  මෙහි කැමරාකරණය ජෝ දිසානායක හා එරංග ගුණසිංහ විසින් සිදුකරන අතර සහය අධ්‍යක්ෂණය ඩෙනිස් ප්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම මෙහි කැමරා දර්ශන ඉතාමත් ඉහල මට්ටමක පැවතීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය . සංස්කරණය හා වර්ණ හැඩගැන්වීම කසුන් කාවිංග විසින් සිදුකර ඇති අතර ට්‍රේලරය පුරාවට වර්ණ ගැන්වීම ඉතා හොඳ මට්ටමක පැවතීම විශේෂත්වයකි . පූර්ව  ප්‍රචාරක පටය පුරාවට දිවෙන සංගීත කාණ්ඩ සිත් ඇදගන්නා සුලු මෙන්ම , එය නිර්මාණයෙහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. මෙම නිර්මාණයෙහි මේ වන වි...