තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා. නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින් Sun Pictures යටතේ..
ප්‍රසිද්ධ සහ දැවැන්තම ඉන්දියානු චිත්‍රපට නිශ්පාදක සමාගමක් වන Yash Raj Film
( YRF) චිත්‍රපට සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදිත මෙම වසරේ දී නිකුත් වන චිත්‍රපටයන් වල දිනයන් නිවේදනය කලේය. කොරෝනා වෛරසය සමග වසා දැමූ සිනමශාලා නැවත විවෘත කිරීමෙන් පසු බොලිවුඩයේ බොහෝ චිත්‍රපටය ඉදිරියෙදි නිකුත් වීමට තිබෙ.
1. sandeep Aur Pinky Faraar
අර්ජුන් කපූර් සමගින් පරිනීති චොප්‍රා රංගනයෙන් දායක් වන මෙම චිත්‍රපටය මාර්තු මස 19 වන දින සිනමාශාලා හරහා නිකුත් වේ. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ නිශ්පාදනය දිබාකර් බනෙර්ජී විසිනි. ලොවපුරා නිකුත් කිරීම YRF යටතෙ ය.
2. Bunti Aur Babli 2
සයිෆ් අලී ඛාන්,රාණී මුකර්ජී,සිද්ධාර්ත් චතුර්වේදී සහ ශාරවරී රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය අප්‍රේල් 23 වන දින සිනමාශාලා හරහා නිකුත් වේ. වරුන් වී. ශර්මා ගේ අධ්‍යක්ෂණයක් වන අතර
නිශ්පාදනය ආදිත්‍ය චොප්‍රා YRF යටතේ.
3. Shamshera
රන්බීර් කපූර්,වානී කපූර් සහ සන්ජේ දත් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ජුනි 25 වන දින සිනමාශාලා හරහා නිකුත් වේ. කරන් මලොහෝත්‍රා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ආදිත්‍ය චොප්‍රා විසින් YRF යටතේ නිශ්පාදනය කර ඇත.
4. Jayesh Bhai Jodaar
රන්වීර් සිං සමගින් ශලිනී පාන්ඩේ රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය අගෝස්තු මස 27 වන දින සිනමාශාලා හරහා නිකුත් වේ.. අධ්‍යක්ෂණය දිව්‍යන්ග් තක්කර්. නිෂ්පාදනය මනීශ් ශර්මා YRF යටතේ නිශ්පාදනය කර ඇත.
5. Prithviraj
අක්ශේ කුමාර්,මනූශි චිල්ලාර්,සන්ජේ දත් සහ සෝනූ සූඩ් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය නොවැම්බර් මස 5 වන දින දීපවාලි උත්සවයට සමගාමීව සිනමාශාලා හරහා නිකුත් වේ.
Dr. ච්න්ද්‍ර ප්‍රකාශ් ද්වේදි අධ්‍යක්ෂණය කර ඇත. YRF යටතෙ ආදිත්‍ය චොප්‍රාගේ නිශ්පාදනයකි.