Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

කවුද මේ Darkseid ?



I Am Death
I Am Entropy 
I Am Darkseid..

                       ලගදිම Release වෙන්න නියමිත Snydercut එකේ ඉන්න කවුරුත් උනන්දු බවක් දක්වන චරිතයක් තමයි මේ Darkseid කියන්නේ..ඇත්තටම කවුද මේ..මෙයාගේ Powers සහ Abilities මොනාද..?..අපි අද ඒ ගැන කතා කරමු..

Dc විශ්වයේ ඉන්න ප්‍රබලම Villan කෙනෙක් තමයි Darkseid කියන්නේ..එ කෙසේ වෙතත් Darkseid තරන් දරුණු අරමුණු තියන කෙනෙක් නම් නැති තරම්..මොහු ජීවත් වන්නේ Apokolips නම් ලෝකයේ..මේ ලෝකයට කියන්නෙව් ගින්නෙන් දැවෙන ලෝකය කියලා..නමුත් Darkseid ඔහුගේ බලය මෙතනින් එහාටත් පතුරවන්න කටයුතු කරන කෙනෙක්..Multiverse ( සමාන්තර විශ්වයන් ) එකේ පවා බලය අල්ලා ගන්න තමයි Darkseid ගේ ලොකුම පරමාර්ථය..Darkseid ඉතාමත් කෲර සිත් පිත් නැති පාලකයෙක් කීවොත් නිවැරදී..

 මොහුට ඉන්නවා Parademons හමුදාවක්..මේ Parademons ලා Darkseid වෙනුවෙන් සියජීවිතය වුනත් දෙන්න සූදානම්..මොහූ ප්‍රධාන වශෙන් කටයුතු කරන්නේ විශ්වයේ Free will එහෙමත් නැතනම් පුද්ගලයෙකුට තමන්ට සිතාමතා කටයුතු කිරීමට ඇති හැකියාව මැඩ පැවැත්වීමයි..ඒ මාර්ගයෙන් ඔහුගේ අරමුණු ඉටුකරගැනීම තමා Darkseid ගේ ක්‍රමය..

🔴 Darkseid ගේ Power සහ Abilities..

 ⭕ Super Human Stamina :- සුපිරි මිනිසෙකුගේ බලය Darkseid ට තියනවා..Darkseid සිය සොයුරා සමග දින 7ක් වෙහෙසක් නොමැතිව සටන් කරලා තියනවා..

 ⭕ Super Human Strength :- සුපිරි මිනිසෙකුගේ ශක්තිය Darkseid ට තියනවා..මේකට දෙන්න පුලුවන් හොදම උදාහරණය Super man එල්ල කරන පහරවල්..Darkseid ගේ පහරක් දරාගැනීම Super man ට පවා අපහසුයි..Darkseid තනිව Justice League එකත් කරන සටන ද මෙයට හොද උදාහරණයක්..

 ⭕ Immortality :- Darkseid අමරණීයයි..පරාජය කල හැකි නමුත් මරාදැමිය නොහැකි..

 ⭕ Regeneration :- කෙතරම් දරුණු අනතුරක් වුනත් ඔහුට නැත සිය බලය සහ ශරීරය නැවත ප්‍රති නිර්මාණය කල හැකී..

 ⭕ Omega Beams :- මේ හරියට Super man ඇස්වලින් විදින ලේසර් කිරණය වගේ..නමුත් සතුරා හබායනවා මේ Omega Beam එක..ඕනිම දිශාවකට..මේ Omega Beam එකක් බලය Super man ටවත් දරාගන්න් බෑ..Speedsters ලා ( Flash වගේ අය ) හබාගිහින් වදින්න තරන් මේ Omega Beams ශක්තිමත්..

 ⭕ Erosion Blast :- මෙයින් කලින් කියපු Omega Beams කිරණ සිය දෑතින් නිකුත් කිරීමේ හැකියාව Darkseid ට තියනවා..මින් විශාල පිපුරුමක් කලහැකී..

 ⭕ Telepathy :- අන් අයගේ මනසට ඇතුල් විය හැකි

 ⭕ Telekinesis :- අධිමානසික බලයක් වගේ දෙයක් මේ..යම් වස්තුවක් හො පුදගලයෙක් මේ බලයෙන් ඔහුට එසවිය හැකි..

 ⭕ Size :- Darkseid විශාල කෙනෙක්..

 ⭕ Flight :- Darkseid ට ඉතා වේගයෙක් පියාසර කල හැකී..

 ⭕  Clone :- Darkseid ට ඔහු වැනිම තවත් අය නිර්මාණය කිරීමේ හැකියාව තියනවා..හරිම Darkseid කවුද කියන එක අදුරාගැනීමේ අපහසුව මේ නිසා තියනවා..

 ⭕ Dimensional Travel :- විවිධ අන්තර්මාන අතර ගමන් කිරීමේ හැකියාව Darkseid ට තියනවා..

 ⭕ Apokolips power feed :- මෙයින් වෙන්නේ Darkseid ට පුලුවන් ඔහුගේ බලය අඩුවන ඕනිම අවස්ථාවක ඔහුගේ ග්‍රහලෝකයේ බලය යොදාගෙන නැවත බලය ලබාගැනීමේ හැකියාව තියනවා..

 ⭕ Energy Shield :- ඔහුගේ ශක්තියෙන් ඔහුවටා ආවාරණයක් ගොඩනගාගත් හැකී.
      
ප්‍රධනව හා සරලව Darkseid ගැන කියන්න පුලුවන් මේ දේවල්..Snydercut එකට අදාල දේවල්..Dc සහ Marvel..වගේම මුලු Hollywood ගැන විස්තර ඇරගෙන ඉදිරියටත එන්නම්..Stay Safe..

" See What I have made..Imagine What has yet to come..I take away their confusion and give them obedience..I take away there fear of themselves and give them fear of darkseid..I have liberated from the chaos of indecision..I have given them one straight path..One clear propose..
One goal..
To die for Darkseid.."


The Cinemates 







Popular posts from this blog

Ryan Reynold ගෙ සහ Shahrukh Khan ගේ සටන් අධ්‍යක්ෂකවරයා ආයුශ්මන් ගේ Anek වෙත !

දක්ශ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක අනූභව් සින්හා මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ මීළග චිත්‍රපටය වන " Anek " චිත්‍රපටය නිවේදනය කලේ ය.  ඒ ආයුශ්මාන් කුරානාගේ ප්‍රධාන රංගනය සහිතව ය. අනූභව් අධ්‍යක්ෂණය කල ආර්ටිකල් 15 චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ ආයුශ්මන් කුරානා වූ අතර චිත්‍රපටය ඉතාමත් සාර්ථක වුණි. ආයුශ්මන් සහ අනුභව් ගේ මෙම නව චිත්‍රපටය පිළිබදව දැනට වාර්තා වන පුවත් ඉතා බලාපොරොත්තු තැබිය හැකි පුවත් වේ. මෙම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රසිද්ධ සටන් අධ්‍යක්ෂක රියන් රිච්ටර් විසිනි  ඔහු මෙම සටන් ජවනිකාවන්හි ස්වාභික තත්වයට ප්‍රේක්ශකයාට ගෙන එන සටන් අධ්‍යක්ෂක වරයෙන් ලෙස ප්‍රසිද්ධය. Shahrukh Khan රංගනයෙන් දායක වූ Don 2 චිත්‍රපටය, Ryan Reynold සහ Samuel L. Jackson රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන The Hitman's Bodyguard ද අජේ දේව්ගන් ගේ Shivaay යන චිත්‍රපටයන් හි සටන් අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ ස්ටෙෆන් නම් මෙම සටන් අධ්‍යක්ෂකවරයා විසිනි. ඉදිරියේදී පැමිණීමට නියමිත සල්මාන් ඛාන්ගෙ Kick 2 චිත්‍රපටයේ ද සටන් අධ්‍යක්ෂණය කර...

Ceyflix වෙතින් එන ජෝ ගේ අලුත් වැඩෙ "COM"

Ceyflix හරහා නිකුත් වීමට නියමිත COM කතා මාලාවේ ට්‍රේලරය දැනට දින කීපයකට පෙර අන්තර්ජාලයට මුදා හැරුනා. ජෝ දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම කතා මාලාවෙහි තිර රචනය රයන් ලෝරන්ස් විසින් සිදුකරනු ලබනවා . මෙවැනි වෙනස් වූ තිර රචනාවන් ලාංකීය කලාවට ගෙන ඒම පිලිබඳව එම නිර්මාණකරුවන්ට ප්‍රථමයෙන් ස්තූති වන්ත විය යුතුය .                                          ජෝ දිසානායක ( අධ්‍යක්ෂක )  මෙහි කැමරාකරණය ජෝ දිසානායක හා එරංග ගුණසිංහ විසින් සිදුකරන අතර සහය අධ්‍යක්ෂණය ඩෙනිස් ප්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම මෙහි කැමරා දර්ශන ඉතාමත් ඉහල මට්ටමක පැවතීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය . සංස්කරණය හා වර්ණ හැඩගැන්වීම කසුන් කාවිංග විසින් සිදුකර ඇති අතර ට්‍රේලරය පුරාවට වර්ණ ගැන්වීම ඉතා හොඳ මට්ටමක පැවතීම විශේෂත්වයකි . පූර්ව  ප්‍රචාරක පටය පුරාවට දිවෙන සංගීත කාණ්ඩ සිත් ඇදගන්නා සුලු මෙන්ම , එය නිර්මාණයෙහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. මෙම නිර්මාණයෙහි මේ වන වි...