Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

RRR තමිල්නාඩුවේ සාර්ථක නොවුනොත් LYCA සමාගම වසා දැමීමට සිදුවේද? India 2 වැඩ නැවතුනේ ඇයි ?

ඉන්දියාවෙ ජනප්‍රිය චිත්‍රපට රැසකම නිෂ්පාදන සමාගමක් වන LYCA Productions සමාගම විසින් ඊයේ රාජ් මොවුලි අධ්‍යක්ෂණය කල , රාම් චරන්,JR NTR ,ආලියා භාත් සහ අජේ දේව්ගන් රංගනයෙන් දායක වන RRR චිත්‍රපටයේ තමිල්නාඩු වේ තිරගත කිරීමේ අයිතිය මිළදී ගත්තේ ය. ඒ කෝටි 50 කටත් වැඩි මුදලකට ය. ලාභයක් ලැබීමටනම් තමිල්නාඩුව ඇතුලත LYCA සමාගම විසින් කෝටි 100 කට පමණ වැඩි ආදායමක් සෙවිය යුතුය.

LYCA සමාගම මෑත කාලය තුල විශාල පාඩු ලැබුවේය. ඒ 2.0 චිත්‍රපටය නිසාය. කෝටි 100 කට පමණ අලාභයක් ඔවුන් දැරුවේය.
එම පාඩුව පිය වීම සදහා දැවැන්ත අධ්‍යක්ෂක ශංකර් ගේ අධ්‍යක්ෂණයෙන් කමල් හසන්ගේ ප්‍රධාන රංගනය සහිත Indian 2 චිත්‍රපටය ඔවුන් නිශ්පාදනය කිරීමට ආරම්භ කර ඇත්තේ. නමුත් අධ්‍යක්ෂක ශංකර් විසින් මෙම Indian 2 චිත්‍රපටය සදහා වැය වන මුදල මුලදී ප්‍රකාශ කල මිල ට වඩා ඉහල යෑම නිසා LYCA සමාගම පවසා ඇත්තේ India 2 චිත්‍රපටය ලබා දුන් මුදලට පුලුවන් උපරිම ආකාරයට නිර්මාණය කරන ලෙසය. India 2 චිත්‍රපටයේ වැඩ කටයුතු නතර වීමට එක් හේතුවක් ද මෙයය. 
චිත්‍රපටයේ වැඩකටයුතු අතරතුරදි පුද්ගලයන් කීපදෙනෙකුද මරණයට පත් වීම නිසා ඔවුන්ට ද වන්දි ගෙවීමට සිදු වීම නිසා දැඩි ආර්ථික වශයෙන් හිර වීමකට ලක් විය.
චිත්‍රපටයේ රූගත කිරීම් අප්‍රේල් මාසයෙ සිට නැවත ආරම්භ කරන බවක් තමයි වාර්තා වන්නෙ.. කමල් හසන් ද චිත්‍රපට භාරගත්තා ද වැඩ කටයුතු පස්ස ගැසීම මෙම චිත්‍රපට මගදි නතර වීමට හේතුවක් වි ඇත.



< කමල් හසන් සමග ලොකේශ් කනගරාජ් ද Vickram නම් චිත්‍රපටයක් නිවේදනය කලේ ය.
එම චිත්‍රපටය ද නතර වි ඇත්තේ කමල් ගේ කාර්‍යබහුලත් වය නිසාය.
ලෝකේශ් කනගරාජ් ද කමල් ගෙ චිත්‍රපටය පසකට කර වෙනත් නලුවෙක් සමග චිත්‍රපටයක් ඉදිරියේදී අනිවාරෙන් නිවේදනය කරනු ඇත. මන්ද ඔහුගේ හොදම කාලය අපරාද ලෙස අපතෙ යන නිසා වෙනි.

LYCA සමාගම ඉහත කී සියළුම ගැටළු සමග පවත් වාගෙන යන අතර බොහෝ ප්‍රේක්ශක ජනයා නැරඹීමට ඇගිලිගනිමින් සිටින RRR චිත්‍රපටය තමිල්නාඩුව තුල එම චිත්‍රපටයේ තිරගත කිරීම් හි අයිතිය ලබාගැනීමට හේතුව එයය. චිත්‍රපටය ආදායම් වාර්තා අතරට එක්වන බව අනුමානය. එම නිසා ඔවුන් මෙ පාඩු ලබන කාලය ඇතුලේ තමිල්නාඩුව තුල එම චිත්‍රපටය සදහා ලබන ආදායමෙන් ඔවුන් දැන් වැටී ඇති අලාභයන් ගෙන් උඩට ඒමටද මසුරන් අවස්ථාවකි. 

RRR චිත්‍රපටය ඉන්දියාවේ භාශා ගනාවකින් නිකුත් වන චිත්‍රපටය කි. 
තමිල්නාඩුව තුලත් චිත්‍රපටය සාර්ථකත්වයක් ලැබුවහොත් එය LYCA සමාගමට ඉතාමත් වැදගත්ය. 

චිත්‍රපටයක් තිරයේ නරඹන ඔබට වඩා එහි පිටුපස ඇත්තේ ඉතාමත් අසීරූ කාර්‍යකි. චිත්‍රපටයක් නිර්මාණය සහ එහි ලබන පාඩුව දරාගැනීමට සිදුවන්නෙ නිර්මාණකරුවන්ට මෙන්ම නිෂ්පාදකවරුන්ටම ය.
නිශ්පාදන සමාගමක් වැටෙනවා කියන්නෙ කියලා නිමකරන්න බැරි අපරාධයකි.

එහෙනම් RRR චිත්‍රපටය නිසාවත් LYCA සමාගම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමු..
චිත්‍රපටය සිනමාශාලා හරහා ඔක්තෝම්බර් මස 13 වන දින සිට නිකුත් වේ..

සටහන සදහා කරුණු ලබලබාදුන්නේ සදුන් රණතුංග ය.

The Cinemates