Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

GVM ගේ උපන්දින පැතුම අපේ GVM ගෙන්

ගෞතම් වාසුදෙව් මෙනන් යනු ඉන්දීය දමිළ සිනමාව දෙස බැලු විට අමතක කරන්නට බැරි දක්ශ අධ්‍යක්ෂක වරයෙක්.
අද ඔහුගේ උපන්දිනයය.
ඉතින් අපි ගෞතම් වාසුදෙව් මෙනන් එහෙම නැත්නම් GVM ගේ ශ්‍රී ලාංකීය රසිකයෙක් ලියූ එ සටහනයි ඔබට අරගෙන ආවෙ. මේ සටහන ඉසුරු රංගන ගෙනි. අපි එහෙනම් ගෞතම් වාසුදෙව් මෙනන් ගැන ඔහුගෙ සටහනෙන්ම ඉගෙනගමු..


සුභ උපන්දිනයක් ගෞතම් වාසුදේව් මෙනන් !!

තමන්ගේ හීනය අත්පත්කරගත් ජයග්‍රාහකයෙක් !!

කොලිවුඩ් සිනමාව තුල තමන්ටම ආවේනික වුනු අනන්‍යතාවයක් ගොඩනගාගත් විශිෂ්ඨයෙක්. !!

තම වෘත්තීය ජීවිතය තුල සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් විදගනිමින් අවුරුදු 20 ක කඩඉම වෙත ලංව තවමත් කොලිවුඩ් arena එක තුල සටන් වදින සටන්කාමීයෙක්

GVM නැත්තං ගෞතම් වාසුදේව් මෙනන් ඉන්දියානු කොලිවුඩ් සිනමාව තුල සිටින පුද්ගලිකව මගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයා . ඊට හේතුව අප කුඩා කල දෙමළ චිත්‍රපට පිළිබඳව බොහෝ දෙනා අතර තිබුණේ විවේචනාත්මක ආකල්පයක් . ඊට හේතුව ඉහවහා යන මසාලා ආකෘතිය සහ සීමාව ඉක්මවා යන අතාත්ත්විකත්වය. මොහුට කලින් 80, 90 දශක වලදී තවත් විශිෂ්ඨ සිනමාකරුවෙක් වන මනි රත්නම් විසින් එම අතාත්ත්විකත්වය බිදවැට්ටවූ සිනමා නිර්මාණ ඉදිරිපත් කලද එය සැගවී යන ලෙසටම අර මසාලා ආකෘතිය කොලිවුඩයේ අනන්‍යතාවයක් වී තිබුණා. වර්ථමානය  වන විට ඇතැම් පිරිස් ඒ සාම්ප්‍රදායික චෝදනාව තවමත් එල්ල කරද සැබෑ යථාර්ථය නං ඒ මසාලා ආකෘතිය කැපීපෙනෙන ලෙස වියැකී යමින් පවතින අවධියකයි කොලිවුඩය දැන් සිටින්නේ.

2001 minnale චිත්‍රපටයෙන් ආරම්භ කරනු ලැබූ සිය වෘත්තීය ගමන 2019 දී තිරගත වුනු  enai nokki paayum thotta චිත්‍රපටය වන විට  චිත්‍රපට 22 ක් අධ්‍යක්ෂණය කර ඇත අතර ඊට anthology සදහා කරනු ලැබූ චිත්‍රපට තුනක් ද අයත්,  ඊට අමතරව වෙබ් කතාමාලාවක් , කෙටි චිත්‍රපටයක් සහ ගීත රූප රචනාද අයත්.  ඉන්දියාවේ ඉන්න සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් one and only හොඳම අධ්‍යක්ෂවරයා GVM නොවෙන්න පුළුවන් නමුත්  ඔහු unique අධ්‍යක්ෂවරයෙක් ඔහුගේ චිත්‍රපට වල තිබෙන රොමෑන්ස් , ඇක්ෂන් ,ත්‍රිලර් වගේ elements  බොහෝම සාම්ප්‍රදායික උනත් වෙන කාටවත් නොමැති විදිහේ execution එකක් ඔහු සතුයි ඔහුගේ කැපීපෙනෙන විශේෂත්වය එයයි.
පහුගිය වසර කිහිපය තුල පැවති අර්බුදකාරී වාතාවරණයෙන් මිදිලා දැන්  වන විට සුභවාදී මාවතකට පැමිණ තියෙනවා ඔහු නිර්මාණකරුවෙක් විදියට . එයට හොඳම උදාහරණය පසුගිය ලොක්ඩවුන් කාලසීමාවේදී වඩත් සක්‍රීයව නිර්මාණ කටයුතු වල නිරත වූ අධ්‍යක්ෂවරයා ඔහුයි. ඉතිං අද දිනයේදී රසිකයෙක් විදියට ප්‍රාර්ථනා කරන්නේ ඔහුගේ අනාගත වැඩකටයුතු සියල්ල සාර්ථක වීමටත් නීරෝගීව , සෞඛ්‍යය සම්පන්වත් සිටින්නට වාසනාව ලෑබේවා කියායි. ඒවගේම දිගුකලෙක සිට තමන්ගේ සිහින ව්‍යාපෘතියක් වන Dhruva natchaththiram චිත්‍රපටයත් වැඩකටයුතු සිදුකරමින් පවතින Joshua චිත්‍රපටයත් හැකි ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

සටහන - රංගන ඉසුරු (ඉසුරු රංගන)

නලුවන්ගේ රසිකයෙක් වීම ට වඩා රසිකයෙක් විය යුත්තේ අධ්‍යක්ෂක වරයෙක්ගෙ ය යන්න ට උදාහරණයක් තමයි මෙ රංගන සොහොයුරා කියන්නෙ.
ඉදිරියටත් අපි ගෞතම් මෙනන් ගෙ සිනමාව ගැන ලිපියක් රැගෙන එන්නම්.
එතනකන් ජය !!

The Cinemates 

Popular posts from this blog

Ryan Reynold ගෙ සහ Shahrukh Khan ගේ සටන් අධ්‍යක්ෂකවරයා ආයුශ්මන් ගේ Anek වෙත !

දක්ශ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක අනූභව් සින්හා මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ මීළග චිත්‍රපටය වන " Anek " චිත්‍රපටය නිවේදනය කලේ ය.  ඒ ආයුශ්මාන් කුරානාගේ ප්‍රධාන රංගනය සහිතව ය. අනූභව් අධ්‍යක්ෂණය කල ආර්ටිකල් 15 චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ ආයුශ්මන් කුරානා වූ අතර චිත්‍රපටය ඉතාමත් සාර්ථක වුණි. ආයුශ්මන් සහ අනුභව් ගේ මෙම නව චිත්‍රපටය පිළිබදව දැනට වාර්තා වන පුවත් ඉතා බලාපොරොත්තු තැබිය හැකි පුවත් වේ. මෙම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රසිද්ධ සටන් අධ්‍යක්ෂක රියන් රිච්ටර් විසිනි  ඔහු මෙම සටන් ජවනිකාවන්හි ස්වාභික තත්වයට ප්‍රේක්ශකයාට ගෙන එන සටන් අධ්‍යක්ෂක වරයෙන් ලෙස ප්‍රසිද්ධය. Shahrukh Khan රංගනයෙන් දායක වූ Don 2 චිත්‍රපටය, Ryan Reynold සහ Samuel L. Jackson රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන The Hitman's Bodyguard ද අජේ දේව්ගන් ගේ Shivaay යන චිත්‍රපටයන් හි සටන් අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ ස්ටෙෆන් නම් මෙම සටන් අධ්‍යක්ෂකවරයා විසිනි. ඉදිරියේදී පැමිණීමට නියමිත සල්මාන් ඛාන්ගෙ Kick 2 චිත්‍රපටයේ ද සටන් අධ්‍යක්ෂණය කර...

Ceyflix වෙතින් එන ජෝ ගේ අලුත් වැඩෙ "COM"

Ceyflix හරහා නිකුත් වීමට නියමිත COM කතා මාලාවේ ට්‍රේලරය දැනට දින කීපයකට පෙර අන්තර්ජාලයට මුදා හැරුනා. ජෝ දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම කතා මාලාවෙහි තිර රචනය රයන් ලෝරන්ස් විසින් සිදුකරනු ලබනවා . මෙවැනි වෙනස් වූ තිර රචනාවන් ලාංකීය කලාවට ගෙන ඒම පිලිබඳව එම නිර්මාණකරුවන්ට ප්‍රථමයෙන් ස්තූති වන්ත විය යුතුය .                                          ජෝ දිසානායක ( අධ්‍යක්ෂක )  මෙහි කැමරාකරණය ජෝ දිසානායක හා එරංග ගුණසිංහ විසින් සිදුකරන අතර සහය අධ්‍යක්ෂණය ඩෙනිස් ප්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම මෙහි කැමරා දර්ශන ඉතාමත් ඉහල මට්ටමක පැවතීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය . සංස්කරණය හා වර්ණ හැඩගැන්වීම කසුන් කාවිංග විසින් සිදුකර ඇති අතර ට්‍රේලරය පුරාවට වර්ණ ගැන්වීම ඉතා හොඳ මට්ටමක පැවතීම විශේෂත්වයකි . පූර්ව  ප්‍රචාරක පටය පුරාවට දිවෙන සංගීත කාණ්ඩ සිත් ඇදගන්නා සුලු මෙන්ම , එය නිර්මාණයෙහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. මෙම නිර්මාණයෙහි මේ වන වි...