Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

Ryan Reynold ගෙ සහ Shahrukh Khan ගේ සටන් අධ්‍යක්ෂකවරයා ආයුශ්මන් ගේ Anek වෙත !

දක්ශ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක අනූභව් සින්හා මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ මීළග චිත්‍රපටය වන " Anek " චිත්‍රපටය නිවේදනය කලේ ය. 

ඒ ආයුශ්මාන් කුරානාගේ ප්‍රධාන රංගනය සහිතව ය. අනූභව් අධ්‍යක්ෂණය කල ආර්ටිකල් 15 චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ ආයුශ්මන් කුරානා වූ අතර චිත්‍රපටය ඉතාමත් සාර්ථක වුණි. ආයුශ්මන් සහ අනුභව් ගේ මෙම නව චිත්‍රපටය පිළිබදව දැනට වාර්තා වන පුවත් ඉතා බලාපොරොත්තු තැබිය හැකි පුවත් වේ.

මෙම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රසිද්ධ සටන් අධ්‍යක්ෂක රියන් රිච්ටර් විසිනි 
ඔහු මෙම සටන් ජවනිකාවන්හි ස්වාභික තත්වයට ප්‍රේක්ශකයාට ගෙන එන සටන් අධ්‍යක්ෂක වරයෙන් ලෙස ප්‍රසිද්ධය.

Shahrukh Khan රංගනයෙන් දායක වූ Don 2 චිත්‍රපටය, Ryan Reynold සහ Samuel L. Jackson රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන The Hitman's Bodyguard ද අජේ දේව්ගන් ගේ Shivaay යන චිත්‍රපටයන් හි සටන් අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ ස්ටෙෆන් නම් මෙම සටන් අධ්‍යක්ෂකවරයා විසිනි. ඉදිරියේදී පැමිණීමට නියමිත සල්මාන් ඛාන්ගෙ Kick 2 චිත්‍රපටයේ ද සටන් අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ ස්ටේෆන් විසින් බවයි වාර්තා වන්නෙ.

අනූභව් සැමවිටම ඔහුගේ චිත්‍රපටයන් තුලින් ඉතාමත් ස්වාභාවික ලෙසින් සියල්ල පෙන්වීමට හපනෙක් වෙන අතර ස්ටේෆන් ඔහුව ඔහුගේ මෙම " Anek " චිත්‍රපටය සදහා සම්බන්ධ කර ගන්නට ඇත්තේ ද ස්ටෙෆන් නම් මෙම සටන් අධ්‍යක්ෂක ගැන බලාපොරොත්තු තබා වෙන්නට ඇත.

 මෙම චිත්‍රපටය පිලිබදව ආයුශ්මාන් පවසන්නේ,  මෙම චිත්‍රපටය ඔහුගේ සිනමාදිවියේ විශාලතම චිත්‍රපටය වන අතර  සටන් අධ්‍යක්ෂණය සදහා තම කණ්ඩායම සමග එක්වූ ස්ටේෆන් හට චිත්‍රපටයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වන අනූභව් සින්හා කිසිම විටකත් බාධා නොකරන බවය. අනූභව් හට ද අවශ්‍ය 
මේ ස්ටේෆන් ගේ දැනුමෙන් පොහොසත් ලොව පුරා සිදු කල කටයුතු වලින් ලබා ඇති අත්දැකීම් ද ප්‍රේක්ශකයාට පෙන්වීමටය.
ප්‍රේක්ශකයා සිත් ඇදගන්නා සුළු ක්‍රියාවන් රැසකින් ඔහුගේ මෙම නව චිත්‍රපටය පැමිණෙන බවද චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වන ඔහු ( ආයුශ්මන් ) මෙම අලුත් ක්‍රියාකාරී දෑ ගවේෂණය කරමින් ඉගෙන ගන්නා බොහෝ දෑට ඔහු ඉතාමත් ප්‍රිය කරමින් සතුටු වන බවය. 

චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවලදී පැවැත්වෙන අතර මෙම චිත්‍රපටයේ ද සුපුරුදු ලෙස ආයුශ්මන් විසින් වෙනස් දෙයක් ප්‍රේක්ශක ජනයාට තිළිණ කරනු නො අනුමානය. අනූභව් ගේ අධ්‍යක්ෂණය ඇතුළු වූ විට එය ගැන වැඩි කිසිවක් අවශ්‍ය වන්නෙ නැත.

සටහනෙ සමහර කරුණු ලබාගත්තේ අන්තර්ජාලයෙනි.

The Cinemates