තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා. නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින් Sun Pictures යටතේ..
ලොව පුරා ප්‍රේක්ශක ආකර්ශනය දිනාගත් KGF සුපිරි කන්නාඩ චිත්‍රපටයේ අධ්‍යක්ශක ප්‍රශාන්ත් නීල් මීළඟට තෙලිඟු නලු ප්‍රභාස් සමඟ Salaar චිත්‍රපටය නිර්මාණය කරන බව දැන් අප සියළු දෙනා දන්නා කාරණයක් මෙ වන විට එම චිත්‍රපටයේ වැඩකටයුතු පවා අරභා ඇත.
දැනට ලැබෙන නවතම ආරංචිමාර්ග අනුව මෙම Salaar චිත්‍රපටයෙන් පසු තවත් සුපිරි තෙලෙගු නලුවෙක් වන Jr. NTR එක් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන බවය.
මෙම චිත්‍රපටය නිශ්පාදනය කරන
Mythri Movie Makers සමාගම මඟින් ඒබව අද දින තහවුරු කරනු ලැබුවා.
එ අනුව නිසැකවම ප්‍රශාන්ත් ගෙ අධ්‍යක්ෂණය යටතේ Jr NTR ප්‍රධාන චරිතය නිරූපණය කරන සුපිරි චිත්‍රපටයක් ඉදිරියෙදි දැක ගැනීමට හැකි වනු ඇති.
ප්‍රශාන්ත් යනු දැනට සිටින දක්ශතම කන්නඩ අධ්‍යක්ෂකවරයා කිව්වොත් අප නිවැරදි. දැනටමද ඔහු සුපිරි නළුවන් එක් කරමින් චිත්‍රපට නිර්මාණය කිරීමට සැරසෙන අතර වර්ථමානය මෙන්ම ඔහුගෙ අනාගතය ද ඉතා සරුවනවා නනොඅනුමානය.