Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

විජේ දේවේරකොණ්ඩා ගේ LIGER මේ වසරේ සැප්තැම්බරයේ දී..




පූරී ජගානන්ද් විසින් අධ්‍යක්ශනය කරන විජේ දේවේරකොණ්ඩා සමගින් බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩෙ රන්ගනයෙන් දායක වන Liger තෙලෙගු චිත්‍රපටය මෙම වසරේ සැප්තැම්බර් මස 9 වන දින සිට සිනමාශාලා හරහා තිරගතවීම් ආරම්භ කරන බව නිවේදනය කරයි.
චිත්‍රපටය තෙලෙගු,මලයාලම්,කන්නඩ,හින්දි සහ දමිළ යන භාශා 5න් ම නිකුත් කරන බවද වාර්තා වේ.

මෙය romantic,sports ශාරණයේ චිත්‍රපටයක් වන අතර චිත්‍රපටයේ කතාව ද රචනය කොට ඇත්තේ පූරී ජගානන්ද් විසිනි.




The Cinemates