Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

KillMonger , Black Panther 2 චිත්‍රපටියෙන් නැවතත් පැමිණේවිද ?

KillMonger , Black Panther 2 චිත්‍රපටියෙන් නැවතත් පැමිණේවිද ? 

Black Panther පළමු චිත්‍රපටියේ දුෂ්ඨයා වූයේ Erik KillMonger බව සියළු දෙනාම දන්නා කරුණක්.මේ සඳහා රංගනයෙන් පණ පොවනු ලැබුවේ Michael B. Jordan විසින්. පළමු චිත්‍රපටියේදී Killmonger චරිතය මිය යාම හේතුවෙන් Michale ට Black Panther Franchise එක තුලින් ඉවත් වීමට සිදු විය


නමුත් ඔහු විසින් මෑතකදි තමන් Black Panther දෙවන චිත්‍රපටය පිළිබඳව වැඩි යමක් නොදන්නා නමුත් Marvel සමාගම අවස්ථාවක් ලබා දෙනවානම් නැවත Black Panther Franchise වෙත පැමිණීමට කැමති බව ප්‍රකාශයක් නිකුත් කර ඇත. 
Black Panther තනතුර හෙබවූ T'Challah චරිතය සඳහා රංගනයෙන් දායක වූ Chadwick Boeman ගේ මියයාමත් සමඟ හිස් වූ Black Panther  චරිතය සඳහා දෙවනි චිත්‍රපටියේදී කව්රුන් යොදාගනීද පිළිබඳව තවමත් නිල නිවේදනයක් නොමැත

The Cinemates 


Popular posts from this blog

Ryan Reynold ගෙ සහ Shahrukh Khan ගේ සටන් අධ්‍යක්ෂකවරයා ආයුශ්මන් ගේ Anek වෙත !

දක්ශ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක අනූභව් සින්හා මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ මීළග චිත්‍රපටය වන " Anek " චිත්‍රපටය නිවේදනය කලේ ය.  ඒ ආයුශ්මාන් කුරානාගේ ප්‍රධාන රංගනය සහිතව ය. අනූභව් අධ්‍යක්ෂණය කල ආර්ටිකල් 15 චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූයේ ආයුශ්මන් කුරානා වූ අතර චිත්‍රපටය ඉතාමත් සාර්ථක වුණි. ආයුශ්මන් සහ අනුභව් ගේ මෙම නව චිත්‍රපටය පිළිබදව දැනට වාර්තා වන පුවත් ඉතා බලාපොරොත්තු තැබිය හැකි පුවත් වේ. මෙම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සිදුකරන්නේ ප්‍රසිද්ධ සටන් අධ්‍යක්ෂක රියන් රිච්ටර් විසිනි  ඔහු මෙම සටන් ජවනිකාවන්හි ස්වාභික තත්වයට ප්‍රේක්ශකයාට ගෙන එන සටන් අධ්‍යක්ෂක වරයෙන් ලෙස ප්‍රසිද්ධය. Shahrukh Khan රංගනයෙන් දායක වූ Don 2 චිත්‍රපටය, Ryan Reynold සහ Samuel L. Jackson රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන The Hitman's Bodyguard ද අජේ දේව්ගන් ගේ Shivaay යන චිත්‍රපටයන් හි සටන් අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ ස්ටෙෆන් නම් මෙම සටන් අධ්‍යක්ෂකවරයා විසිනි. ඉදිරියේදී පැමිණීමට නියමිත සල්මාන් ඛාන්ගෙ Kick 2 චිත්‍රපටයේ ද සටන් අධ්‍යක්ෂණය කර...

Ceyflix වෙතින් එන ජෝ ගේ අලුත් වැඩෙ "COM"

Ceyflix හරහා නිකුත් වීමට නියමිත COM කතා මාලාවේ ට්‍රේලරය දැනට දින කීපයකට පෙර අන්තර්ජාලයට මුදා හැරුනා. ජෝ දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම කතා මාලාවෙහි තිර රචනය රයන් ලෝරන්ස් විසින් සිදුකරනු ලබනවා . මෙවැනි වෙනස් වූ තිර රචනාවන් ලාංකීය කලාවට ගෙන ඒම පිලිබඳව එම නිර්මාණකරුවන්ට ප්‍රථමයෙන් ස්තූති වන්ත විය යුතුය .                                          ජෝ දිසානායක ( අධ්‍යක්ෂක )  මෙහි කැමරාකරණය ජෝ දිසානායක හා එරංග ගුණසිංහ විසින් සිදුකරන අතර සහය අධ්‍යක්ෂණය ඩෙනිස් ප්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම මෙහි කැමරා දර්ශන ඉතාමත් ඉහල මට්ටමක පැවතීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය . සංස්කරණය හා වර්ණ හැඩගැන්වීම කසුන් කාවිංග විසින් සිදුකර ඇති අතර ට්‍රේලරය පුරාවට වර්ණ ගැන්වීම ඉතා හොඳ මට්ටමක පැවතීම විශේෂත්වයකි . පූර්ව  ප්‍රචාරක පටය පුරාවට දිවෙන සංගීත කාණ්ඩ සිත් ඇදගන්නා සුලු මෙන්ම , එය නිර්මාණයෙහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. මෙම නිර්මාණයෙහි මේ වන වි...