Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

Ek Villain Returns ලබන වසරේ දී

මෝහිත් සූරී අධ්‍යක්ෂණය කල Ek Villain  චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය  Ek Villain Returns ලබන වසරේ පෙබරවාරි 11 වන දා සිනමාශාලා හරහා නිකුත් කරන බව නිවේදනය කරයි.

චිත්‍රපටයේ අර්ජූන් කපූර්,දිශා පටානි,ජෝන් ඒබ්‍රහම් සහ තාරා සුතාරියා ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වේ..

මෙයට අර්ජුන්  කපූර් ට කලින් ආදිත්‍ය රෝයි කපුර් තමයි මොහිත් ගන්න හිටියෙ.

Malang 2 ත් මෝහිත් ගේනව කියල කිව්ව සමහර විට ආදිත්‍ය ඒකෙ ඉන්න නිසා මෙකට නොගන්නත් ඇති බවයි අපට නම් සිතෙන්නෙ.

The Cinemates