තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා. නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින් Sun Pictures යටතේ..
හේමාල් රඟපෑ ඉන්දීය චිත්‍රපටය ප්‍රදර්ශනයට සුදානම්..
යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ "සෙකන්ඩ් ෂෝ" (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව, එය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් වූ මූලික කටයුතු මේවන විට සැකසෙමින් පවතී
ඉන්දීය දමිළ ජාතික A.T Gnanam විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ " සෙක්න්ඩ් ෂෝ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට හේමාල් රණසිංහ, ජනප්‍රිය මරාති නිළි පල්ලවි සුභාෂ් (යශෝධරා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ) සහ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර් පණ පොවති. සෙසු චරිත කොලිවුඩ් නිළි විද්‍යා ප්‍රදීප්, තෙළිඟු නිළි අක්ෂතා සොනාවනේ සහ ගුජරාටි නිරූපන ශිල්පිනී පූජා මොන්ඩල් රඟ දක්වති.
2019 වර්ෂයේදී නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මුළුමනින්ම එංගලන්තයේදී (ලන්ඩන් හා බර්මින්හැම්වල) රූපගත කළ මෙම චිත්‍රපටය, එකම දර්ශන තලයේ දමිළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රූපගත කොට තිබීම විශේෂත්වයකි.
"සෙකන්ඩ් ෂෝ" චිත්‍රපටය හේමාල්ගේ රංගනය ඇතුළත් වන පළමු විදෙස් චිත්‍රපටය වන අතර, එය හේමාල් සිය සිනමා ගමන් මගේ රඟපෑ 18 වෙනි සිනමා නිර්මාණය වේ. (තිරගත වූ සිනමාපට -10/ තිරගත වීමට නියමිත හා නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින සිනමාපට -08)
2012 වසරේ "සුපර් සික්ස්" චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ හේමාල් රණසිංහ, 2020 වසර වන විට චිත්‍රපටයක ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් මෙන්ම, වෙළද දැන්වීමක පෙනී සිටීම වෙනුවෙන්ද වැඩිම මිල අය කරන ශ්‍රී ලාංකේය නළුවා වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
Udithe Lakmal Kahandawaarachchi