තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා. නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින් Sun Pictures යටතේ..
වර්තමාන සිනමා රසිකයන්ගේ අවධානය බොහෝ ලෙස දිනාගෙන ඇති සුන්දර මලයාලම් සිනමාවෙ වාර්තා රැසක් අලුත් කිරීමට මොලිවුඩයේ දැවන්ත සුපිරි නලු මාමුට්ටි රංගනයෙන් දායක වන ඔහුගේ නව චිත්‍රපටය වන Bheeshma Parvam හි පලමු පෙනුම සහිත පෝස්ටරය සමත් වී තිබෙනවා .
Twitter හි වැඩිම Retweets ප්‍රමාණයක් ලබාගත් මලයාලම් සිනමා පෝස්ටරය. ඒ Retweets 6100+ ලබාගනිමිනි.
Like ලක්ශ 22.4 ක් සහ Comment 8044 ක් ලබාගනිමින් වැඩිම Like හා Comment ප්‍රමාණයක් ලබාගත් පෝස්ටරය බවට පත්විමටද සිනමාපටයේ පෝස්ටරය සමත් විය.
මලයාලම් සිනමාවේ ලක්ශ 160 ක tweet ප්‍රමාණයක් ලබාගත් පලමු පෙනුම සහිත පෝස්ටරය යන වාර්තාවටද හිමිකම් කීමට මෙම පෝස්ටරය හට හැකිවිණ .
ඉස්ටග්‍රෑම් හි වැඩිම ලයික් ප්‍රමාණයක් ලබාගත් පලමු පෙනුම සහිත පෝස්ටරය ද මෙම මලයාලම් සිනමා පටයේ පෝස්ටරයට ලබා ගත හැකිවිය.
පැය 24 ක් ඇතුලත මලයාලම් සිනමාවේ වාර්තා අලුත් කිරීමට සමත් මෙම සිනමා නිර්මාණය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.
The Cinemates ™